ලකුණු 323 ක දැවැන්ත ජයක් සමගින් එංගලන්තය තරගාවලිය ජය ගනියි

Date:

නවසීලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 323 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියේ ජය ද තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කර ගැනීමට (2-0) සංචාරක එංගලන්ත කණ්ඩායම අද(8) සමත් වුණා.

වෙලින්ටන්හි පැවැති තරගයේ තෙවැනි දිනය වන අද දිනයේදී තරගය ජය ගැනීම සදහා එංගලන්තයෙන් ලද ලකුණු 583 ක දැවැන්ත ඉලක්කය හඹා ගිය නවසීලන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 259 ක් පමණයි.

ටොම් බ්ලන්ඩල් ලකුණු 115 ක් ලබා ගත් අතර, නේදන් ස්මිත් ලකුණු 42 ක් හා ඩැරල් මිචෙල් ලකුණු 32 ක් රැස් කළා. පන්දු යැවීමේදී බෙන් ස්ටොක්ස් ලකුණු 5කට කඩුලු 3 ක් දවා ගත්තා. ක්‍රිස් වෝක්ස්, බ්‍රයිඩන් කර්ස් හා ශොයිබ් බෂියර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 378 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 427 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට පියවර ගත්තා.

සිය 36 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ජෝ රූට් ලකුණු 106 ක් ලබා ගත්තා. පන්දු 130 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත්. ජේකබ් බෙතෙල් ලකුණු 96 ක් හා බෙන් ඩකට් ලකුණු 92 ක් රැස් කළා. බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 49 යි. පන්දු යැවීමේ දී ටිම් සවුති හා මැට් හෙන්රි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 280 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය ලබා ගත්තේ ලකුණු 125 ක් පමණයි.

එංගලන්තය ලැබූ මෙම ජයත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඔවුන් පියවරක් ඉදිරියට පැමිණි අතර, නවසීලන්තය 5 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා පසු බැස්සා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...