“කණගාටුයි, මීට වඩා හොද ප්‍රතිචාරයක් මම බලාපොරොත්තු වුණා” සිරාජ්ගේ හැසිරීමට හෙඩ්ගෙන් පිළිතුරු

Date:

තම කඩුල්ල දවා ගැනීමෙන් පසුව තමාට පිටව යන ලෙසට සංඥා කරමින් ආවේගශීලී අයුරින් මොහමඩ් සිරාජ් කඩුලු සැමරුම සිදු කළ ආකාරය සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වන බව ඔස්ට්‍රේලියානු මැදපෙල පිතිකරු ට්‍රැවිස් හෙඩ් පවසනවා.

ඉන්දියාව සමග ඇඩිලේඩ්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හෙඩ් ඒ බව සදහන් කළා.

මෙම තරගයේදී ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ශක්තිමත් කළ හෙඩ් පන්දු 141 කින් ලකුණු 140 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 17 ක් සමගින්.

අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්දියාව මෙම තරගයේ පසු පාදයට ඇද දැමූ ට්‍රැවිස් හෙඩ්ගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව එය ආවේගශීලී අයුරින් සැමරීමට මොහමඩ් සිරාජ් කටයුතු කළ අතර, ඒ සම්බන්ධයෙන් ලොව පුරා බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙඩ් පැවසුවේ තමන් ඔහුගෙන් මීට වඩා හොද ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ බවයි. ට්‍රැවිස් හෙඩ් ශතකය ලබා ගැනීමටත් පෙර ඔහු ලබා දුන් උඩ පන්දුවක් ද සිරාජ් අතින් ගිලිහී ගොස් තිබූ පසුබිමකයි සිරාජ් විසින්ම හෙඩ්ගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වුණේ.

“හොඳින් පන්දු යැව්වා කියලා මම කිව්වා, නමුත් ඔහු වෙනත් ආකාරයකින් එය තේරුම් ගත්තේ.” යනුවෙන් ට්‍රැවිස් හෙඩ් සදහන් කළා. “මට දැනෙනවා මම ක්‍රීඩා කරපු ආකාරය අනුව මම මීට වඩා හොද ප්‍රතිචාරයකට කැමතියි කියලා”

“තරගයේ පැවැති තත්ත්වය හා ඉදිරිය ගැන සලකා බැලුවාම මට ඒ ප්‍රතිචාරය ගැන පුදුම හිතුණා.”

“මමත් මා වෙනුවෙන් පෙනී සිටිනවා. අපේ කණ්ඩායම මෙහෙම කරන්නේ නැහැ. මම ක්‍රීඩාව කිරීමට කැමති ආකාරය මෙය නොවේ, මගේ කණ්ඩායමේ සගයන් ද එසේම බව මට හිතෙනවා.”

මේ අතර, මෙම තරගාවලියේදී මෙවන් සිදුවීමක් වූ පළමු අවස්ථාව මෙය නොවන බව ද හෙඩ් සදහන් කර සිටියා. පළමු ටෙස්ට් තරගයේ ද දෙවැනි ඉනිමේදී ට්‍රැවිස් හෙඩ් ලකුණු 89 කට දැවී යාමෙන් පසුව ඉන්දීය කණ්ඩායම විසින් ඔහුට යම් ආවේගශීලී ප්‍රතිචාරයක් දක්වනු දක්නට ලැබුණා.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 140 ට දැවී යාමෙන් පසුව සිරාජ් සමග ඇති වූ උණුසුම් වචන හුවමාරුව පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...