අර්බුද මැද Global Super League ශූරතාවය රන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායමට

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හීදී පැවැති Global Super League ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරමින් තරගාවලියට එක් වූ රන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා කණ්ඩායම පරදා ලකුණු 56 ක ජයක් වාර්තා කරමින්.

අවසන් තරගය සදහා රන්ග්පූර් කණ්ඩායමේ සහභාගීත්වය අවිනිශ්චිතව පැවැති පසුබිමකයි ඔවුන් මෙම තරගයට එක්ව ඉන් ජයග්‍රහනය වාර්තා කිරීමට සමත් වුණේ.

රන්ග්පූර් සංචිතයට ඇතුළත් රිෂාද් හොසේන්, අෆිෆ් හොසේන් හා සෞම්‍ය සාකාර් බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ වගකීම් වෙනුවෙන් නිදහස් කරන ලෙසට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මීට පෙර රන්ග්පූර් කණ්ඩායමට දැනුම් දී තිබුණා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග එළඹෙන 8 වැනිදා ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙනුයි.

ඒ අනුව අවසන් තරගය ක්‍රීඩා කිරීම සදහා ක්‍රීඩකයින් 11 දෙනෙකු තෝරා ගැනීමේ අර්බුදයකට රන්ග්පූර් කණ්ඩායම මුහුණ දී සිටි අතර, ඒ හේතුවෙන් අවසන් තරගයෙන් ඉවත් වීමට එම කණ්ඩායම අවධානය යොමු කර තිබුණා.

කෙසේ වෙතත්, එම ක්‍රීඩකයින් තිදෙනාට අවසන් තරගය ක්‍රීඩා කිරීම සදහා අවසානයේ අවස්ථාව ලබා දීමටයි පියවර ගෙන තිබුණේ.

ගයානාහි පැවැති අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් රන්ග්පූර් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 178 ක් ලබා ගත්තා. සෞම්‍ය සාකාර් නොදැවී ලකුණු 86 ක් රැස් කළ අතර, ස්ටීවන් ටේලර් ලකුණු 68 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වික්ටෝරියා කණ්ඩායමට පන්දුවාර 18.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 122 ක් පමණයි.

මෙම තරගාවලිය සදහා පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන Lahore Qalandars, එංගලන්තයේ T20 Blast තරගාවලියට ක්‍රීඩා කරන Hampshire Hawks කණ්ඩායම හා කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන Guyana Amazon Warriors කණ්ඩායම ද එක්ව සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...