ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 328 කට සීමා වෙයි

Date:

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය(7) අදයි.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 242 ක් ලබා ස්ථාවර මට්ටමක පසු වූ නමුත්, ඔවුන්ට අද දිනයේදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 328 ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 89 ක් රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් හා ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 44 බැගින් ලබා ගත්තා.

කමිදු මෙන්ඩිස් ලකුණු 48 ක් රැස් කළා. ප්‍රභාත් ජයසූරිය ලකුණු 24 ක් ලබා ගනිමින් පසුපෙලට යම් ජීවයක් ගෙන දුන්නා.

පන්දු යැවීමේ දී ඩේන් පැටර්සන් ලකුණු 71 කට කඩුලු 5 ක් බිද හෙලුවා. ඔහු එක් පන්දුවාරයකදී ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් හා ලහිරු කුමාර දවා ගැනීම කැපී පෙනුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 358 ක්. ඒ අනුව දකුණු අප්‍රිකාව ලකුණු 30 ක් ඉදිරියෙන් පසුවෙමින් දෙවැනි ඉනිම ආරම්භ කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...