රිකල්ටන්ගේ මංගල ශතකය හා ශ්‍රී ලංකා වේග පන්දුව පළමු දිනයේ ගෞරව සමව බෙදා ගනියි

Date:

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(5) නිමා වුණා. Gqeberha හීදී පැවැත්වෙන තරගයේ පළමු දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 7ක් දැවී ලකුණු 269 ක් ලබා සිටියා.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 44 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ටෝනි ද සෝර්සි ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම අසිත ප්‍රනාන්දු ඉදිරියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය අතර, ඒඩ්න් මාක්‍රම් ලකුණු 20 ක් ලබා සිටියදී දැවී ගියේ ලහිරු කුමාරගේ 100 වැනි ටෙස්ට් ගොදුර බවට පත් වෙමින්. ට්‍රිස්ටන් ස්ටබ්ස් රැස් කළේ ලකුණු 4 ක් පමණයි. ඔහු ද දැවී ගියේ ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේයි.

අනතුරුව නායක ටෙම්බා බවූමා හා රයන් රිකල්ටන් අතර සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 133 (224) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර, එම සම්බන්ධතාවය බිද වැටුණේ බවූමා ලකුණු 78 කට කෙටි පන්දු උගුලකට හමු කර ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වීමත් සමගයි.

අනතුරුව පිටියට පිවිසි ඩේවිඩ් බෙඩින්ග්හැම් ලබා දුන් උඩ පන්දු දෙකක් විශ්ව ප්‍රනාන්දු හා දිනේෂ් චන්දිමාල් අතින් ගිලිහී යාම කැපී පෙනුණා. කෙසේ වෙතත්, ඔහු ලකුණු 6ක් ලබා සිටියදී ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් දැවී ගියා.

පසුව රිකල්ටන් හා ක්යල් වෙරේන් අතර 6 වැනි කඩුල්ලට ලකුණු 77 (158) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ රිකල්ටන් හතරේ පහර 11 ක් සමග ලකුණු 101 ක් ලබා සිටියදී දැවී ගියේ දිනය නිමා වීමට පන්දුවාර කිහිපයක් ඉතිරිව තිබියදීයි. කුමාරගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගිය අතර, අනතුරුව පිටියට පිවිසි මාර්කෝ ජැන්සන් ද ලකුණු 4 කට යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට විශ්වට හැකි වුණා.

එම කඩුල්ලත් සමග අද දිනයට තරගය නතර කෙරුණු අතර, ක්යල් වෙරේන් නොදැවී ලකුණු 48 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 54 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් ද, විශ්ව ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ල බැගින් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...