දෙවැනි ටෙස්ට් තරගයට එංගලන්ත කණ්ඩායම නම් කෙරේ

Date:

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

පළමු තරගයට ක්‍රීඩා කළ තරගයම දෙවැනි තරගය සදහා ද නම් කිරීමටයි එංගලන්තය තීරණය කර ඇත්තේ.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේදී අංක 3 ස්ථානයේ පන්දුවට පහර දෙමින් ටෙස්ට් වරම් දිනා ගත් ජෙකබ් බෙතෙල් දෙවැනි තරගයේදී ද එම ස්ථානයේම පන්දුවට පහර දීමට නියමිතයි. ඔහු පළමු තරගයේ දෙවැනි ඉනිමේදී වේගවත් නොදැවුණු අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

අංක 3 ස්ථානයේ සිට අංක 6 ස්ථානය දක්වා යොමු කළ ඔලී පෝප් කඩුලු රැකීමේ කාර්යය ද සමගින් එම ස්ථානයේම පන්දුවට පහර දීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පැවැති පළමු තරගයෙන් එංගලන්තය කඩුලු අටක ජයක් වාර්තා කළ අතර, තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 6 වැනිදා වෙලින්ටන්හීදී ආරම්භ වීමට නියමිතයි.

England XI: ⁠

Zak Crawley, Ben Duckett, ⁠Jacob Bethell, ⁠Joe Root, ⁠Harry Brook,⁠ ⁠Ollie Pope (wk), ⁠Ben Stokes (c), Chris Woakes, ⁠Gus Atkinson, ⁠Brydon Carse, ⁠Shoaib Bashir

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...