WTC : පරාජයෙන් දිනකට පසු ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ සම 4 වැනි තැනට

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ එක් පියවරකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙනවා. ඒ, එංගලන්තය හමුවේ නවසීලන්ත කණ්ඩායම පළමු ටෙස්ට් තරගයෙන් අද(1) ලැබූ කඩුලු අටක පරාජයත් සමගයි.

ඊයේ දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු තරගයෙන් පරාජයට පත් වීමත් සමග ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා පසු බැස්සා. කෙසේ වෙතත්, 5 වැනි ස්ථානයේ රැදී සිටි දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ ස්ථාන 3 කින්.

ඒ අනුව ඊයේ වන තුරු දෙවැනි ස්ථානයේ රැදී සිටි ඔස්ට්‍රේලියාව තෙවැනි ස්ථානය දක්වා පසුබැසීමකට ලක් වුණා. සිව්වැනි ස්ථානයේ රැදී සිටි නවසීලන්තයට හිමිව තිබූ ලකුණු ප්‍රතිශතය 54.55% ක්.

කෙසේ වෙතත්, අද දිනයේදී ලැබූ පරාජයත් සමග නවසීලන්තයේ ලකුණු ප්‍රතිශතය 50% ක් දක්වා අවම වී තිබෙනවා. ඒ අනුව එය ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රතිශතය සමග සමාන වූ බැවින් නවසීලන්තය හා ශ්‍රී ලංකාව මේ වන විට රැදී සිටින්නේ සම සිව්වැනි ස්ථානයේයි.

එංගලන්තය හමුවේ ලැබූ පරාජයත් සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ නවසීලන්ත බලාපොරොත්තුවලට මේ වන විට දැඩි පහරක් එල්ල වී ඇති අතර, ඒ සදහා ඔවුන්ට අනෙකුත් ප්‍රතිපල මත යැපීමට මේ වන විට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය හා ඔස්ට්‍රේලියාව සමග මෙරටදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක ජය ගතහොත් ශ්‍රී ලංකාවට අවසන් තරගයට සුදුසුකම් ලැබීම සදහා මනා අවස්ථාවක් පවතිනවා.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...