බෙතෙල්ගේ මංගල 50 හා බ්‍රයිඩන්ගේ කඩුලු 10 එංගලන්තයට ජය හිමි කර දෙයි

Date:

නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින් තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද(1) සමත් වුණා.

ක්‍රයිස්චර්ච්හි පැවැති තරගයේ සිව්වැනි දිනය අද ආරම්භ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 155 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 254 ක්.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා එංගලන්තයට ලකුණු 104 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් පන්දුවාර 12.4 ක් තුළ කඩුලු 2 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ජේකබ් බෙතෙල් පන්දු 37 කින් නොදැවී ලකුණු 50 ක් ද, ජෝ රුට් පන්දු 15 කින් නොදැවී ලකුණු 23 ක් ද, රැස් කළා. බෙන් ඩකට් ලකුණු 27 යි. පන්දු යැවීමේ දී මැට් හෙන්රි හා විලියම් ඕරෝක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් ඩැරල් මිචෙල් ලකුණු 84 ක් හා කේන් විලියම්සන් ලකුණු 61 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී පළමු ඉනිමේ දී කඩුලු 4 ක් දවා ගත් බ්‍රයිඩන් කර්ස් දෙවැනි ඉනිමේදී කඩුලු 6 ක් දවා ගත්තේ ලකුණු 42 ක් ලබා දෙමින්. ක්‍රිස් වෝක්ස් කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 348 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 499 ක්. එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් හැරී බෘෘක් ලකුණු 171 ක් රැස් කිරීමට සමත් වුණා

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...