Watch : අබුඩාබි T10 ඉතිහාසයේ සම වේගවත්ම අර්ධ ශතකය කුසල්ගෙන්

Date:

අබුඩාබි T10 ඉතිහාසයේ සම වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමින් නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට මෙවර තරගාවලියේ 27 වැනි තරගයෙන් විශිෂ්ඨ ජයක් උරුම කර දීමට කුසල් පෙරේරා ඊයේ(28) රාත්‍රියේ සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 9කින් පරාජයට පත් වූයේ නොදන් වොරියර්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් වොරියර්ස් පිල කඩුලු 3 ක් දැවී ලකුණු 111 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 8ක් පමණක් වැය කරමින්.

කුසල් පෙරේරා පන්දු 27 කින් නොදැවී ලකුණු 74 ක් ලබා ගත්තා. හයේ පහර 7ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඔහු සිය අර්ධ ශතකය වාර්තා කිරීම සදහා වැය කළේ පන්දු 15 ක් පමණයි.

කුසල් පෙරේරාගේ සුපිරි ඉනිම පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...