Watch : ග්ලේන් පිලිප්ස් රැක ගත් ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (29) නිමා වුණා.

දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 319 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 348 ක්. කේන් විලියම්සන් ලකුණු 93 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ශොයිබ් බෂීයර් හා බ්‍රයිඩන් කර්ස් කඩුලු 4 බැගින් බිද හෙලුවා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 319 ක් ලබා සිටියා. හැරී බෘෘක් නොදැවී ලකුණු 132යි. හයේ පහර 2ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. ඔහු ලබා දුන් උඩ පන්දු 4 ක් නවසීලන්ත පන්දු රකින්නන් අතින් ගිලිහී යාම ද කැපී පෙනුණා. නවසීලන්ත පන්දු රකින්නන් අද දිනයේදී අත්හැර දැමූ උඩ පන්දු සංඛ්‍යාව 6ක්. මේ වන විට එංගලන්තය පළමු ඉනිමේදී ලකුණු 29 ක් පිටුපසින් පසුවනවා.

මේ අතර, අද දිනයේදී එංගලන්ත පළමු ඉනිමේ 5 වැනි කඩුල්ල දවා ගැනීම සදහා නවසීලන්ත ක්‍රීඩක ග්ලේන් පිලිප්ස් විසින් විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීම ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

ඔලී පෝප් ලකුණු 77 කට දවා ගැනීම සදහායි පිලිප්ස් විසින් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...