කඩුලු 100 ක් දවා ගනිමින් ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් ඉතිහාසය වෙනස් කරයි

Date:

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු සියයේ කඩඉම සදහා වේගයෙන්ම ළගා වූ සම දෙවැනි පන්දු යවන්නා හා ශ්‍රී ලංකාව වෙනුවෙන් අවම ටෙස්ට් තරග ගණනකින් කඩුලු 100 ක් දවා ගත් පන්දු යවන්නා බවට පත් වීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට අද(28) හැකි වුණා.

ඒ, දකුණු අප්‍රිකාව සමග ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීයි.

තරගය ආරම්භ වීමට පෙර ප්‍රභාත් කඩුලු 97 ක් දවා ගෙන තිබුණා. තරගයේ දකුණු අප්‍රිකා පළමු ඉනිමේදී කඩුලු දෙකක් දවා ගත් ප්‍රභාත් දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ටෝනි ද සෝර්සි දවා ගනිමින් සිය කඩුලු 100 සම්පූර්ණ කර ගත්තා.

ඔහු සිය ටෙස්ට් කඩුලු 100 දවා ගත්තේ තම 17 වැනි ටෙස්ට් තරගයේදීයි. අවම ටෙස්ට් තරග ප්‍රමාණයකින් කඩුලු 100 ක් දවා ගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ එංගලන්තයේ George Alfred Lohmann. ඔහු තරග 16කදී එම කඩඉමට ළගා වුණේ 1886 වසරේදීයි.

ප්‍රභාත්ට අමතරව ඔස්ට්‍රේලියාවේ Charlie Turner, එංගලන්තයේ Sydney Barnes, ඔස්ට්‍රේලියාවේ Clarrie Grimmett හා පාකිස්තානයේ යසීර් ශාහ් ද තරග 17 කින් ටෙස්ට් කඩුලු 100 ක් දවා ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...