ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී මෝල්ඩර් පන්දු යැවීමෙන් හා පන්දු රැකීමෙන් ඉවතට

Date:

දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර්ට ශ්‍රී ලංකාව සමග මේ දිනවල ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දු යැවීමේ හෝ පන්දු රැකීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ඔහුගේ දකුණු අතෙහි ඇගිල්ලක සිදුව ඇති අස්ථි බිදී යාමක් හේතුවෙන්.

තරගයේ දෙවැනි දිනය වූ අද(28) දිනයේදී දකුණු අප්‍රිකා පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියදී ලහිරු කුමාරගේ පන්දුවක් දකුණු අතේ වැදීමෙන් ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නා.

ආබාධය හේතුවෙන් මෝල්ඩර් එක් ලකුණක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වූ අතර, අනතුරුව ඔහු යළි පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ ඉනිමේ 9 වැනි කඩුල්ල දැවී යාමෙන් පසුවයි. ඔහු නොදැවී ලකුණු 9 ක් රැස් කළා.

පසුව දිවා ආහාරය අතරතුර ඔහුව වෛද්‍ය පරීක්ෂණයක් (x-ray) සදහා යොමු කර තිබූ අතර, එහිදී දකුණු අතෙහි මැදගිල්ලෙහි අස්ථි බිදී යාමක් සිදුව ඇති බව හදුනාගෙන තිබෙනවා.

පන්දු යැවීමට හෝ පන්දු රැකීමට හැකියාවක් නැතත්, ඔහු දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේදී ද පන්දුවට පහර දීම සදහා පිටියට පිවිසුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 191 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 42 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...