2025 IPL වෙන්දේසියේදී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 11 දෙනා

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ඉරිදා (24) හා සදුදා (25) දිනවලදී සාර්ථක ලෙස සෞදි අරාබියේ Jeddah හීදී පවත්වා අවසන් කිරීමට තරගාවලියේ සංවිධායකයින්ට හැකි වුණා.

මෙගා වෙන්දේසියක් ලෙස පැවැති මෙවර වෙන්දේසියේදී අලෙවි වූ ක්‍රීඩකයින් සංඛ්‍යාව 182 ක්. විදෙස් ක්‍රීඩකයින් 62 දෙනෙකු ද අලෙවි වූ අතර, ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හය දෙනෙකු ද ඇතුළත් වුණා. ඒ අනුව 2025 අයි.පී.එල් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනෙකු (චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම රදවා ගත් මතීෂ පතිරණ ද සමග) ක්‍රීඩා කිරීමට නියමිතයි.

වෙන්දේසියේදී අයි.පී.එල් වෙන්දේසි වාර්තා බිද දමමින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඉහළ මිල ගණන් යටතේ අලෙවි වීම විශේෂත්වයක්.

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේදී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලට අලෙවි වෙමින් නව වාර්තාවක් බිහි කිරීමට ඉන්දීය පිතිකරු ෂ්රෙයස් අයියර් (ඉන්දීය රුපියල් කෝටි 26.75 – පංජාබ් කිංග්ස්) මෙවර වෙන්දේසියේ පළමු දිනයේදී සමත් වූ නමුත්, ඔහුගේ එම වාර්තාව සුළු වේලාවකින් බිද දැමීමට රිෂාබ් පාන්ට්ට (ඉන්දීය රුපියල් කෝටි 27 – ලක්නව් සුපර් ජයන්ට්ස්) හැකි වීම කැපී පෙනුණා.

ඒ අනුව 2025 වෙන්දේසියට පෙර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වෙමින් ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටක් පසුගිය වසරේදී (ඉන්දීය රුපියල් කෝටි 24.75 – කොල්කටා නයිට් රයිඩර්ස්) තබා තිබූ වාර්තාව මෙවර බිද වැටුණු අතර, ඔහුට මේ වන විට හිමිව ඇත්තේ වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයයි.

මීට අමතරව තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද මෙවර වෙන්දේසියේදී ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූ අයුරු දැක ගත හැකි වුණා.

මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ මෙවර වෙන්දේසියේදී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 11 දෙනා හා වෙන්දේසි ඉතිහාසයේ ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 8 දෙනා පිළිබදවයි.

මෙවර වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 11 දෙනා – (මිල ගණන් – ඉන්දීය රුපියල් කෝටි)

  1. රිෂාබ් පාන්ට් – ලක්නව් සුපර් ජයන්ට්ස් | ₹ 27 Cr (ශ්‍රී ලංකා රුපියල් කෝටි 92 ක්)
  2. ෂ්රෙයස් අයියර් – පංජාබ් කිංග්ස් | ₹ 26.75 Cr (ශ්‍රී ලංකා රුපියල් කෝටි 93 ක්)
  3. වෙන්කටේෂ් අයියර් – කොල්කටා නයිට් රයිඩර්ස් – ₹ 23.75 Cr
  4. අර්ෂ්දීප් සිං – පංජාබ් කිංග්ස් (RTM) | ₹ 18 Cr
  5. යුස්වේන්ද්‍ර චෙහල් – පංජාබ් කිංග්ස් | ₹ 18 Cr
  6. ජොස් බට්ලර් – ගුජරාට් ටයිටන්ස් | ₹ 15.75 Cr
  7. කේ එල් රාහුල් – දිල්ලි කැපිටල්ස් | ₹ 14 Cr
  8. ට්‍රෙන්ට් බෝල්ට් – මුම්බායි ඉන්දියන්ස් | ₹ 12.5 Cr
  9. ජොෆ්ර ආචර් – රාජස්ථාන් රෝයල්ස් | ₹ 12.5 Cr
  10. ජොස් හේසල්වුට් – රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු | ₹ 12.50 Cr
  11. මොහමඩ් සිරාජ් – ගුජරාට් ටයිටන්ස් |₹ 12.25 Cr

වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 8 දෙනා – (මිල ගණන් – ඉන්දීය රුපියල් කෝටි)

  1. රිෂාබ් පාන්ට් – ₹ 27 Cr  (ලක්නව් සුපර් ජයන්ට්ස් 2025)
  2. ෂ්රෙයස් අයියර් – ₹ 26.75 Cr (පංජාබ් කිංග්ස් – 2025)
  3. මිචෙල් ස්ටක් – ₹ 24.75 Cr (කොල්කටා නයිට් රයිඩර්ස් – 2024)
  4. වෙන්කටේෂ් අයියර් – ₹ 23.75 Cr (කොල්කටා නයිට් රයිඩර්ස් – 2025)
  5. පැට් කමින්ස් – ₹ 20.5 Cr (සන්රයිසස් හයිදරාබාද් – 2024)
  6. සෑම් කරන් – ₹ 18.5 Cr (පංජාබ් කිංග්ස් – 2023)
  7. අර්ෂ්දීප් සිං – ₹ 18 Cr (පංජාබ් කිංග්ස් – 2025)
  8. යුස්වේන්ද්‍ර චෙහල් – ₹ 18 Cr (පංජාබ් කිංග්ස් – 2025)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...