ජෝර්ඩන් කොක්ස්ට නවසීලන්ත ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

Date:

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්තයේ ජෝර්ඩන් කොක්ස්ට අහිමි වී තිබෙනවා.

ඒ, නවසීලන්තයේ දී පුහුණුවීම් සිදු කරන අතරවාරයේදී ඔහුගේ දකුණු මාපටැඟිල්ලෙහි සිදු වූ අස්ථි බිදී යාමක් හේතුවෙන්.

ආබාධය සිදු වීමෙන් පසුව ඔහුව රෝහල් ගත කිරීමක් සිදු කර තිබූ අතර, එහිදී සිදු කළ පරීක්ෂණවලදී අස්ථි බිදී යාමක් සිදුව ඇති බව හදුනා ගෙන තිබෙනවා.

ජෝර්ඩන් කොක්ස් මෙම තරගාවලියේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට සූදානමින් සිටියා. ඒ, කඩුලු රකින ක්‍රීඩක ජෙමී ස්මිත් ඔහුගේ හා සිය බිරිදගේ පළමු දරු උපත නිසා මෙම සංචාරයට එක් නොවීම හේතුවෙන්.

කොක්ස් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු මෙතෙක් සංචිතයට ආදේශ කර නැහැ. දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 28 වැනිදා ක්‍රයිස්චර්ච්හීදී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...