ආසියානු කුසලාන තරගාවලියන්හි විකාශන අයිතිය සෝනි සමාගමට – 2031 දක්වා සත්කාරක රටවල් මෙන්න

Date:

2024 වසරේ සිට 2031 වසර දක්වා කාලයට අදාළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියන්හි රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගැනීමට Sony Pictures Networks India (SPNI) සමාගම සමත්ව තිබෙනවා.

පසුගිය මාධ්‍ය හිමිකම් ගිවිසුම හා සැසදීමේ දී නව ගිවිසුමෙහි වටිනාකම 70% කින් ඉහළ ගොස් ඇති බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

2031 වසර දක්වා පැවැත්වීමට නියමිත සියලුම පිරිමි හා කාන්තා ආසියානු කුසලාන තරගාවලි, පිරිමි හා කාන්තා වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලි මෙන්ම පිරිමි හා කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලිවල විකාශන අයිතිය මේ අනුව සෝනි සමාගම සතුවනවා.

විකාශන අයිතියට අදාළ වෙන්දේසිය සදහා සෝනි සමාගම හා Jio-Star සමාගම ඉදිරිපත්වීමට නියමිතව තිබූ නමුත්, වෙන්දේසිය සදහා Jio-Star සමාගම එක්ව සිටියේ නැහැ.

ඒ අනුව සෝනි සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 170 ක මූලික වටිනාකම යටතේ ( රුපියල් කෝටි 4951 ක පමණ අගයක්) විකාශන අයිතිය හිමි කර ගත්තා.

2031 වසර දක්වා වන කාලයේ දී පිරිමි ආසියානු කුසලාන තරගාවලි 4 ක් (එක්දින තරග රටාවෙන් දෙකක් හා විස්සයි 20 රටාවෙන් දෙකක්) පැවැත්වීමට නියමිතයි.

2025 පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත අතර, 2027 එක්දින ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ බංග්ලාදේශයේදීයි. 2029 T20 ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයේදී ද, 2031 එක්දින ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...