BGT : පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් බෝර්ඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (22) ආරම්භ කිරීම සදහා මේ වන විට සියලු කටයුතු සූදානම්.

පළමු තරගය පර්ත්හි ඔප්ටස් ක්‍රීඩාංගනයේදී මෙරට වේලාවෙන් හෙට පෙරවරු 7:50 ට ආරම්භ කිරීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගයේ පිටියේ විනිසුරුවන් ලෙස Chris Gaffaney හා Richard Kettleborough කටයුතු කරන අතර, තෙවන විනිසුරු ලෙස Richard Illingworth කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කරනවා.

මේ අතර, තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුවට ශ්‍රී ලංකාවේ රසල් ආර්නල්ඩ් ද ඇතුළත්ව සිටින බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

විස්තර විචාරක කමිටුව –

English: Mark Nicholas, Matthew Hayden, Ravi Shastri, Sunil Gavaskar, Wasim Akram, Murali Vijay, Russell Arnold

Hindi: Ravi Shastri, Wasim Akram, Cheteshwar Pujara, Sunil Gavaskar, Sanjay Manjrekar, Jatin Sapru, Deep Dasgupta

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...