ඉන්දු-පාකිස්තාන අර්බුදය මැද දෘෂ්‍යාබාධිත ලෝක කුසලානය ගැන ඉන්දියාවෙන් දැඩි තීන්දුවක්

Date:

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් සිය කණ්ඩායම ඉවත් කර ගැනීමට ඉන්දීය දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සංගමය පියවර ගෙන තිබෙනවා.

ඒ, තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඉන්දීය කණ්ඩායමට පාකිස්තානයේ සංචාරය කිරීම සදහා අනුමැතිය ලබා නොදීමට ඉන්දීය රජය තීරණය කිරීම හේතුවෙන්.

විස්සයි 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 22 වැනිදා සිට දෙසැම්බර් 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත 2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ද ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට පිටත් කර නොහැරීමට රජයේ උපදෙස් මත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති පසුබිමකයි ඉන්දීය දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සංගමයට මෙම තීරණය ගැනීමට සිදුව ඇත්තේ.

විස්සයි 20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ මේ දක්වා පවත්වා ඇති තරගාවලි තුනේම සත්කාරකත්වය මෙන්ම ශූරතාවය ද දිනා ඇත්තේ ඉන්දීය දෘෂ්‍යාබාධිත කණ්ඩායමයි.

පළමු තරගාවලි දෙකේ අවසන් මහා තරගයේ දී පාකිස්තානය ද, තෙවැනි තරගාවලියේ අවසන් මහා තරගයේ දී බංග්ලාදේශය ද පරදා ඔවුන් එලෙස ශූරතාවය ජය ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...