Watch : චමරි අතපත්තුගේ සුපිරි Direct Hit එක මෙන්න

Date:

2024 කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය අද(20) සිඩ්නිහීදී නිමා වුණේ සිඩ්නි තන්ඩර් කණ්ඩායමට කඩුලු 4 ක ජයක් හිමි කර දෙමින්. මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 108 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තන්ඩර් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ පන්දුවාර 19.4 ක් අවසානයේදීයි.

මෙල්බර්න් ස්ටාර්ස් ඉනිමේ දී තන්ඩර් පිල වෙනුවෙන් පන්දුවාර 4 ක් යොමු කළ චමරි අතපත්තු එහිදී ලකුණු 12 කට කඩුලු 2 ක් දවා ගත්තා.

කෙසේ වෙතත්, පිතිකරණයේදී ඇයට ලබා ගත හැකි වූයේ පන්දු 8 කින් එක් ලකුණක් පමණයි.

මේ අතර, මෙම තරගයේ දී Tess Flintoff ලකුණු 3 කට දුවද්දී දවා ගැනීමට චමරි අතපත්තු සමත් වීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...