තීක්ෂණ මුල් 10 දෙනා අතරට ; අලුත් වූ ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න

Date:

නවතම පන්දුවාර විස්සයි 20 හා එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(20) නිවේදනය කළා.

ICC ODI Rankings 

ඊට අනුව එහි එක්දින පන්දු යවන්නන් අතර මුල් 10 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා. ඔහු 6 වැනි ස්ථානය දක්වා ස්ථාන හයකින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

වනිදු හසරංග 20 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, ඩිල්ෂාන් මදුෂංක 49 වැනි ස්ථානය දක්වා ස්ථාන 9 කින් ද, දුනිත් වෙල්ලාලගේ සම 57 වැනි ස්ථානය දක්වා ස්ථාන 7 කින් ද පසු බැස තිබෙනවා. කෙසේ වෙතත්, ජෙෆ්රි වැන්ඩර්සේ 72 වැනි ස්ථානය දක්වා ස්ථාන 27 කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

මේ අතර, නවසීලන්තය එරෙහි එක්දින තරගාවලියේදී දක්ෂතා දැක් වූ කුසල් මෙන්ඩිස් එක්දින පිතිකරුවන් අතර 26 වැනි ස්ථානය දක්වා ස්ථාන 9 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. අවිශ්ක ප්‍රනාන්දු ස්ථාන 5 කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට රැදී සිටින්නේ 62 වැනි ස්ථානයේයි.

පැතුම් නිස්සංක 8 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද, චරිත් අසලංක 11 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, සධීර සමරවික්‍රම 49 වැනි ස්ථානය දක්වා ස්ථාන 7 කින් ද, ජනිත් ලියනගේ 66 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද පසුබැස තිබෙනවා.

ICC T20I Rankings

මේ අතර, නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව කුසල් මෙන්ඩිස්ට 12 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමට හැකිව තිබෙනවා. පැතුම් නිස්සංක 9 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස ඇති අතර, චරිත් අසලංක 39 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන දෙකකින්. කුසල් පෙරේරා 41 වැනි ස්ථානයේම රැදී සිටිනවා. භානුක රාජපක්ෂ සම 76 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ එක් ස්ථානයකින්.

දසුන් ශානක 73 වැනි ස්ථානය දක්වා ස්ථාන තුනකින් ද, කමිදු මෙන්ඩිස් 94 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද පසුබැස ඇති බව අයි.සී.සී නවතම ශ්‍රේණිගත කිරීම්හි සදහන්. ධනංජය ද සිල්වා 100 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන දෙකකින්.

දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි 20 තරගාවලියේ දී ශතක දෙකක් රැස් කළ ඉන්දියාවේ තිලක් වර්මා පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දක්වා ස්ථාන 69 කින් ඉදිරියට පැමිණ තිබීම කැපී පෙනෙනවා. එම තරගාවලියේ දී ශතක දෙකක් වාර්තා කිරීමට සංජු සැම්සන් ද සමත් වූ අතර, ඔහු පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 22 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 17 කින්.

මේ අතර, නවතම විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් දෙවැනි ස්ථානය රැක ගැනීමට වනිදු හසරංග සමත්ව ඇති අතර, මහීෂ් තීක්ෂණ 5 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ එක් ස්ථානයකින්.  මතීෂ පතිරණ සම 31 වැනි ස්ථානයේ රැදී සිටිනවා. නුවන් තුෂාර 47 වැනි ස්ථානය දක්වා එක් පියවරකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය දක්වා ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා ස්ථාන පහකින් ඉදිරියට පැමිණ ඇති අතර, විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ඉන්දියාවේ හර්ඩික් පන්ඩ්යා සමත්ව තිබීම විශේෂත්වයක්. තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර වනිදු හසරංග එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් සම සිව්වැනි ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...