තෙවැනි තරගය වැස්සට සේදෙයි – තරගාවලියේ ජය 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවට

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද(19) වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් පන්දුවාර 21 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 112 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව විටින් විට වර්ෂාව පහව ගිය නමුත්, යළි යළිත් වර්ෂාව ඇද හැළුණු බැවින් තරගය අත්හැර දැමීමටයි විනිසුරුවන් තීරණය කළේ.

තරගය නතර කරන විට විල් යන්ග් නොදැවී ලකුණු 56 ක් හා හෙන්රි නිකල්ස් නොදැවී ලකුණු 46 ක් ලබා සිටියා. ටිම් රොබින්සන් ලකුණු 9කට දවා ගත්තේ මොහමඩ් ශිරාස් විසින්. එය ඔහුගේ මංගල එක්දින කඩුල්ල වීම ද විශේෂත්වයක්.

තෙවැනි තරගය ප්‍රතිපලයකින් තොරව නිමා වීමත් සමග එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගාවලියේ පළමු තරග දෙකේදී ලකුණූ 217 ක් රැස් කළ කුසල් මෙන්ඩිස් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...