ජෙරාල්ඩ් කොට්සියාට අයි.සී.සීයෙන් දඩුවම්

Date:

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ජෙරාල්ඩ් කොට්සියාට නිල අනතුරු ඇගවීමක් සමග ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, ඔහු ඉන්දියාව සමග ජොහැනස්බර්ග්හීදී පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේදී අයි.සී.සී ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.8 වගන්තිය (showing dissent at an umpires decision during an international match”) උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන්.

ඉන්දීය ඉනිමේ 15 වැනි පන්දුවාරය යොමු කරන අතරවාරයේ දී ඔහු යොමු කළ පන්දුවක් වයිඩ් පන්දුවක් ලෙස සංඥා කිරීම හේතුවෙන් ජෙරාල්ඩ් කොට්සියා විසින් විනිසුරුට නුසුදුසු ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල වුණා.

ඒ අනුවයි තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් විනිසුරු තීරණයකට විරෝධය පල කිරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව දඩුවම් පනවනු ලැබුවේ.

24 හැවිරිදි ඔහු සිය වරද හා දඩුවම පිළිගෙන ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...