අයියර්ගේ IPL වෙන්දේසි වාර්තාව රිෂාබ් පාන්ට් බිද දමයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ දී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලට අලෙවි වෙමින් නව වාර්තාවක් බිහි කිරීමට ඉන්දියාවේ රිෂාබ් පාන්ට්ට අද (24) හැකි වුණා. ඒ, ෂ්රෙයස් අයියර් වාර්තාගත මිලකට අලෙවි වී සුළු වේලාවකට පසුවයි.

2025 අයි.පී.එල් තරගාවලියට අදාළව සෞදි අරාබියේ Jeddah හී දී මේ වන විට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී ෂ්රෙයස් අයියර් පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 26.75 ක මුදලකට මිලදී ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, සුළු වේලාවකට පසුව රිෂාබ් පාන්ට් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට අලෙවි වුණේ ඉන්දීය රුපියල් කෝටි 27 ක මුදලකටයි.

මෙවර වෙන්දේසියට පෙර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ වාර්තාවට හිමිකම් කීයනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටක්. ඔහුව පසුගිය වසරේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 24.75 මිලකට මිලදී ගත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසිනුයි.

අයි.පී.එල් වෙන්දේසි ඉතිහාසයේ වැඩිම වටිනාකමක් හිමි වූ ක්‍රීඩකයින් – (රිෂාබ් පාන්ට් අලෙවි වූ අවස්ථාව වන තුරු)

  1. රිෂාබ් පාන්ට් – ඉන්දීය රුපියල් කෝටි 27 (ලක්නව් සුපර් ජයන්ට්ස් 2025)
  2. ෂ්රෙයස් අයියර් – ඉන්දීය රුපියල් කෝටි 26.75 (පංජාබ් කිංග්ස් – 2025)
  3. මිචෙල් ස්ටක් – ඉන්දීය රුපියල් කෝටි 24.75 (කොල්කටා නයිට් රයිඩර්ස් – 2024)
  4. පැට් කමින්ස් – ඉන්දීය රුපියල් කෝටි 20.5 (සන්රයිසස් හයිදරාබාද් – 2024)
  5. සෑම් කරන් – ඉන්දීය රුපියල් කෝටි 18.5 (පංජාබ් කිංග්ස් – 2023)
  6. අර්ෂ්දීප් සිං – ඉන්දීය රුපියල් කෝටි 18 (පංජාබ් කිංග්ස් – 2025)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...