ශෆාලි වර්මා එක්දින සංචිතයෙන් නෙරපයි

Date:

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් යුත් ඉන්දීය කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

ලකුණු අතරට පිවිසීමට නොහැකිව සිටින ආරම්භක පිතිකාරිණියක් වන ශෆාලි වර්මා සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබීම විශේෂත්වයක්.

විභාගයකට පෙනී සිටීමට සිදු වීම හේතුවෙන් නවසීලන්තය සමග පැවැති එක්දින තරගාවලිය ක්‍රීඩා නොකළ Richa Ghosh යළි සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

Priya Punia, Harleen Deol, Minnu Mani හා Titas Sadhu යන ක්‍රීඩිකාවන් ද යළි සංචිතයට කැදවා තිබෙනවා.

එක්දින තරගාවලිය දෙසැම්බර් 5, 8 හා 11 යන දිනවලදී බ්‍රිස්බේන් හා පර්ත්හීදී පැවැත්වීමට නියමිතයි.

India’s squad for ODIs against Australia

Harmanpreet Kaur (c), Smriti Mandhana, Priya Punia, Jemimah Rodrigues, Harleen Deol, Yastika Bhatia (wk), Richa Ghosh (wk), Tejal Hasabnis, Deepti Sharma, Minnu Mani, Priya Mishra, Radha Yadav, Titas Sadhu, Arundhati Reddy, Renuka Singh Thakur and Saima Thakor

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...