පන්දු යවන්නන්ගේ දක්ෂතා හා ස්ටොයිනිස්ගේ 61*(27) ඔස්ට්‍රේලියාවට පූර්ණ තරගාවලි ජයක් හිමි කර දෙයි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(18) සමත් වුණා. ඒ, දෙරට අතර හෝබාර්ට්හීදී පැවැති අවසන් විස්සයි 20 තරගයෙන් ද ඔස්ට්‍රේලියාව කඩුලු හතක ජයක් වාර්තා කිරීමත් සමගයි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයට පන්දුවාර 18.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 117 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 11.2 ක් පමණක් වැය කරමින් කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා(118/3).

මර්කස් ස්ටොයිනිස් පන්දු 27 කින් නොදැවී වේගවත් ලකුණු 61 ක් ලබා ගත්තේ හයේ පහර හා හතරේ පහර 5 බැගින් එල්ල කරමින්. නායක ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 27 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී එක්දින වරම් දිනූ ජහන්දාද් ඛාන්, ශහීන් ශාහ් අෆ්රිඩි හා අබ්බාස් අෆ්රිඩි කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ බාබර් අසාම්. ඔහු පන්දු 28 කින් ලකුණු 41 ක් ලබා ගත්තා. හසීබුල්ලාහ් ඛාන් ලකුණු 24 යි.

පන්දු යැවීමේ දී ආරෝන් හාර්ඩි ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ස්පෙන්සර් ජොන්සන් හා ඇඩම් සම්පා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...