WBBL : හැමිල්ටන්ගෙන් වාර්තාගත පන්දු යැවීමක්

Date:

කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තරගයකදී කඩුලු පහක් දවා ගත් ලාබාලතම ක්‍රීඩිකාව බවට පත් වීමට බ්‍රිස්බේන් හීට් කාන්තා කණ්ඩායමේ 18 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩිකා Lucy Hamilton සමත් වුණා. ඒ, මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමග සිඩ්නිහීදී පැවැති තරගාවලියේ 30 වැනි තරගයේදීයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මෙල්බර්න් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 138 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්‍රිස්බේන් කණ්ඩායම පන්දුවාර 17.3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

මෙල්බර්න් ඉනිම සුණු විසුණු කළ Lucy Hamilton ලකුණු 8කට කඩුලු 5 ක් දවා ගත්තා.

වසර 10 ක් පැරැණි කාන්තා බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ දී පන්දු යවන්නියක් ප්‍රදර්ශනය කළ සම දෙවැනි හොදම පන්දු යැවීම ලෙස ද මෙම දක්ෂතාවය ඉතිහාසගත වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...