විලියම්සන් කැදවමින් නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග 3 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් ඉන්දීය ටෙස්ට් සංචාරය අහිමි වූ කේන් විලියම්සන් මෙම තරගාවලිය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයේදී ජාත්‍යන්තර වරම් හිමි කර ගත් නේදන් ස්මිත් පළමු වරට ටෙස්ට් සංචිතයට කැදවීමට ද පියවර ගෙන තිබෙනවා. මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ජෙකොබ් ඩෆී ද සංචිතයට ඇතුළත්.

මේ වන විට ශ්‍රී ලංකා සංචාරයක නිරත නවසීලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකයා වන මිචෙල් සැන්ට්නර් එංගලන්තයට එරෙහි දෙවැනි හා තෙවැනි ටෙස්ට් තරග සදහා පමණක් ක්‍රීඩා කරනු ඇති.

ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී කඩුලු 15 ක් දවා ගත් අජාස් පටෙල්ට සංචිතයේ සථානයක් හිමිව නැහැ.

නවසීලන්තය හා එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් දෙවැනිදා ක්‍රයිස්චර්ච්හී දී ආරම්භ වීමට නියමිතයි.

New Zealand Test squad vs England

Tom Latham (c), Tom Blundell, Devon Conway, Jacob Duffy, Matt Henry, Daryl Mitchell, Will O’Rourke, Glenn Phillips, Rachin Ravindra, Mitchell Santner (Tests 2 and 3), Nathan Smith, Tim Southee, Kane Williamson, Will Young

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...