ටිම් සවුති ටෙස්ට් පිටියට සමු දීම නිවේදනය කරයි

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ එළඹෙන නවසීලන්ත ටෙස්ට් තරග සංචාරයේ අවසන් තරගයෙන් පසුව තමා ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගන්නා බවයි ඔහු සදහන් කළේ.

35 හැවිරිදි සවුති මේ දක්වා ටෙස්ට් තරග 104 කදී දවා ගෙන ඇති කඩුලු ගණන 385 ක්. නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගෙන ඇති පන්දු යවන්නන් අතර ඔහුට හිමි වන්නේ දෙවැනි ස්ථානයයි.

නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා වන්නේ කඩුලු 431 ක් දවා ගෙන ඇති රිචර්ඩ් හැඩ්ලි.

2008 වසරේ දී ටෙස්ට් පිටියට පිවිසි ටිම් සවුති ටෙස්ට් ලකුණු 2,185 කට ද හිමිකම් කියනවා.

2025 වසරේ දී ජූනි මාසයේ දී ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා නවසීලන්තය සුදුසුකම් ලැබුවහොත් පමණක් සවුති එම තරගයට ද ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.

නවසීලන්ත – එංගලන්ත ටෙස්ට් තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර, අවසන් තරගය හැමිල්ටන්හීදී ආරම්භ වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 14 වැනිදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...