Watch : ශ්‍රී ලංකාව යළි සටනට අවතීර්ණ කළ තීක්ෂණගේ කඩුලු දෙක

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දඹුල්ලේ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී එක් පන්දුවාරයකදී කඩුලු දෙකක් දවා ගනිමින් ශ්‍රී ලංකාව යළි සටනට අවතීර්ණ කිරීමට මහීෂ් තීක්ෂණ අද(13) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 324 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිම අවසන් කෙරුණු අතර, නවසීලන්තයට තරගය ජය ගැනීම සදහා පන්දුවාර 27 කදී ලකුණු 221 ක ඉලක්කයක් හිමි වුණා.

නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 88 ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ටිම් රොබින්සන් හා විල් යන්ග් සමත් වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු ශ්‍රී ලංකාවෙන් කෙමෙන් කෙමෙන් දුරස් කරමින්.

කෙසේ වෙතත්, 14 වැනි පන්දුවාරයේදී ක්‍රියාත්මක වූ මහීෂ් තීක්ෂණ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම යළි ක්‍රීඩක විවේකාගාරය වෙත හරවා යැවීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...