Lanka T10 Super League : තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(13) නිවේදනය කළා.

ඒ අනුව තරගාවලිය දෙසැම්බර් 11 වැනිදා සිට 19 වැනිදා දක්වා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. මීට පෙර නිවේදනය කර තිබුණේ තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවටයි.

තරගාවලියේ පළමු තරගය ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම හා හම්බන්තොට බංගලා ටයිගර්ස් කණ්ඩායම අතර දෙසැම්බර් 11 වැනිදා පස්වරු 4:00 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මූලික වටයේදී තරග 21 ක් පැවැත්වීමට නියමිත අතර, සෑම දිනකදීම තරග 3 බැගින් පැවැත්වෙනවා.

අවසන් වටයේ QUALIFIER 1, ELIMINATOR හා QUALIFIER 2 තරග පැවැත්වෙන්නේ දෙසැම්බර් 18 වැනිදායි. අවසන් මහා තරගය දෙසැම්බර් 19 වැනිදා පස්වරු 5:30 ට පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...