Watch : පැතුම් දවා ගන්න මංගල තරගයේදී ස්මිත් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක දවා ගැනීම සදහා දක්ෂ උඩ පන්දු රැක ගැනීමක් ප්‍රදර්ශනය කිරීමට මෙම තරගයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් නවසීලන්තයේ Nathan Smith අද(13) සමත් වුණා.

දඹුල්ලේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ශ්‍රී ලංකා ඉනිමේ එක් පන්දුවක් යොමු කිරීමෙන් පසුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට සිදු වුණා.

අනතුරුව තරගය යළි ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 12 ක් ලබා සිටියදී දැවී ගියා.

ඒ, Jacob Duffy ගේ පන්දුවක් හමුවේ Nathan Smith රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුව හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...