අෆ්රිඩි එක වෙද්දී වනිදු යළි පෙරමුණට ළගා වෙයි – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

අයි.සී.සී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය යළි හිමි කර ගැනීමට පාකිස්තානයේ ශහීන් ශාහ් අෆ්රිඩි සමත්ව තිබෙනවා. ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දී කඩුලු 8 ක් දවා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව අෆ්රිඩි ස්ථාන තුනකින් ඉදිරියට පැමිණෙමින් පළමු ස්ථානයට පත්ව ඇති අතර, මෙතෙක් පෙරමුණේ පසු වූ දකුණු අප්‍රිකාවේ කේෂාව් මහරාජ්ට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි. රෂීඩ් ඛාන් දෙවැනි ස්ථානයේ පසුවනවා. මීට පෙර 2023 වසරේ දී ද අෆ්රිඩි එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණ හිමි කර ගෙන තිබුණා.

ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 10 ක් දවා ගත් පාකිස්තානයේ හැරිස් රවුෆ් 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 14 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ 12 වැනි ස්ථානයේ රැදී සිටින අතර, වනිදු හසරංග 18 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැස තිබෙනවා.

මේ වන විට එක්දින පන්දු යවන්නන් අතර මෙන්ම පිතිකරුවන් අතර ද පෙරමුණේ පසුවන්නේ පාකිස්තාන ක්‍රීඩකයෙකු වීම විශේෂත්වයක්. ඒ අනුව බාබර් අසාම් තවදුරටත් පිතිකරුවන් අතර පළමු ස්ථානය රැක ගෙන සිටින අතර, පැතුම් නිස්සංක එහි රැදී සිටින්නේ 7 වැනි ස්ථානයේයි. චරිත් අසලංක 9 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි දෙවැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ඉදිරියට පැමිණීමට වනිදු හසරංග සමත්ව තිබෙනවා. ඒ, නවසීලන්තය සමග පැවැති තරග දෙකකින් යුත් විස්සයි 20 තරගාවලියේ දී කඩුලු හයක් දවා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්. මහීෂ් තීක්ෂණ එහි සිව්වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ එක් ස්ථානයකින්.

විස්සයි 20 තරගාවලියේ දී කඩුලු පහක් බිද හෙලූ මතීෂ පතිරණ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 22 කින් ඉදිරියට පැමිණෙමින් මේ වන විට සම 31 වැනි ස්ථානයේ රැදී සිටිනවා. නුවන් තුෂාර නවසීලන්තයට එරෙහි තරගාවලියේ දී කඩුලු 4 ක් දවා ගත් අතර, ඔහු පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 48 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 28 කින්.

කොදෙව් දූපත්හි අකීල් හොසෙයින් තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, එංගලන්තයේ අඩිල් රෂීඩ් තවදුරටත් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවනවා.

එංගලන්තයේ පිල් සෝල්ට් විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ද, ජොස් බට්ලර් 6 වැනි ස්ථානය දක්වා, ඔස්ට්‍රේලියාවේ ජොෂ් ඉන්ග්ලිස් 9 වැනි ස්ථානය දක්වා ද, කොදෙව් දූපත්හි නිකලස් පූරාන් 10 වැනි ස්ථානය දක්වා ද එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා.

පැතුම් නිස්සංක 8 වැනි ස්ථානයේ රැදී සිටින අතර, කුසල් මෙන්ඩිස් ස්ථාන 3 කින් පසු බැස ඇත්තේ 15 වැනි ස්ථානය දක්වායි. චරිත් අසලංක සම 37 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, කුසල් පෙරේරා 41 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

භානුක රාජපක්ෂ 77 වැනි ස්ථානය දක්වා ද, කමිදු මෙන්ඩිස් 93 වැනි ස්ථානය දක්වා ද පසුබැස ඇත්තේ ස්ථාන 4 බැගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...