ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ෆර්ගසන් ගැන අසුබ ආරංචියක්

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන්ට ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි විස්සයි 20 තරගයේ දී ඔහුගේ වම් පාදයේ සිදු වූ ආබාධයක් හේතුවෙන්.

ආබාධය හේතුවෙන් දෙවැනි විස්සයි 20 තරගයේ දී ඔහු යවනු ලැබුවේ පන්දුවාර දෙකක් පමණයි. එහිදී ඔහු කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වීම ද කැපී පෙනුණා.

තරගයෙන් අනතුරුව සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඔහුට එළඹෙන එක්දින තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වන බවටයි.

ඒ අනුව හෙට (12) දිනයේදී ඔහු නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර, එරට දී වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සදහ ඔහු මුහුණ දීමට නියමිතයි. එහිදී ඔහුගේ ආබාධයේ තත්ත්වය පිළිබද හා කොපමණ කාලයක් පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට සිදු වනු ඇතිදැයි තීරණය වනු ඇති.

ෆර්ගසන් වෙනුවට ඇඩම් මිල්න් එක්දින සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඔහු එළඹෙන 13 වැනිදා දඹුල්ලේ දී නවසීලන්ත සංචිතය සමග එක්වීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය එළඹෙන 13 වැනිදා දඹුල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...