Watch : කාගේත් සිනහවට ලක් වූ බංග්ලාදේශ පිතිකරුගේ අපූර්ව දැවී යාම

Date:

බංග්ලාදේශයේ පැවැත්වෙන National Cricket League තරගාවලියේ 14 වැනි තරගයේ දී සිදු වූ අපූර්ව දැවී යාමක් ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගෙන ඇති බවක් දක්නට ලැබෙනවා.

Sylhet Division හා Khulna Division අතර පැවැත්වෙන තරගයේදීයි මෙම අපූර්ව දැවී යාම දැක ගත හැකි වුණේ.

Sylhet පළමු ඉනිමේදී Asadulla Al Galib ලකුණු 115 ක් ලබා සිටියදී මහෙදි හසාන්ගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබා දී දැවී ගියා.

නිසි ආකාරයෙන් අතෙහි ග්‍රහනයෙන් පන්දුව මුදා හැරීමට මහෙදි හසාන්ට එම පන්දුවේදී නොහැකි වූ අතර, ඒ අනුව පන්දුව ඉතා ඉහළ ගොස් පිතිකරණ අන්තය දෙසට ඇදී ගියේ පිතිකරුට රිසිසේ පහරක් එල්ල කිරීමට ඇති තරම් කාලය ලබා දෙමින්.

එහිදී දැවැන්ත පහරක් එල්ල කිරීමට පිතිකරු තීරණය කළ අතර, ඒ අනුව පියවර කිහිපයක් ඉදිරියට පැමිණි පිතිකරු පන්දුව බිම පතිත වීමට පෙර දැවැන්ත පහරක් එල්ල කිරීමට කටයුතු කළා.

නමුත්, පිතිකරුට නිසි ආකාරයෙන් එම පහර ද හයේ පහරක් ලෙස පරිවර්තනය කර ගැනීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව පන්දුව උඩ පන්දුවක් ලෙස Sheikh Parvez Jibon රැක ගැනීමත් සමග Asadulla Al Galib හට සිය ඉනිම අවසන් කිරීමට සිදු වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...