බට්ලර්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ එංගලන්තය 2-0 ක් ලෙස පෙරමුණට

Date:

ජොස් බට්ලර් පන්දු 45 කින් ලබා ගත් වේගවත් ලකුණු 83 හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 2-0 ක් ලෙස මේ වන විට පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ එංගලන්තයයි.

බාර්බඩෝස්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 8 ක් දැවී ලකුණූ 158 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 14.5 ක් පමණක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය (161/3) පසු කිරීම කැපී පෙනුණා.

බට්ලර් රැස් කළ ලකුණු 83 ට හයේ පහර හයක් හා හතරේ පහර 8ක් ඇතුළත්. ඉනිමේ පළමු පන්දුවෙන්ම පිල් සෝල්ට් දැවී ගිය පසුබිමකයි අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක බට්ලර් මෙම සුපිරි ඉනිම දියත් කළේ. විල් ජැක්ස් ලකුණු 38 යි. ලියම් ලිවින්ග්ස්ටන් නොදැවී ලකුණු 23 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් කඩුලු 2 ක් හා අකීල් හොසෙයින් කඩුල්ලක් බිද හෙලුවා.

එංගලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ රොව්මන් පවෙල්. ඔහු ලකුණු 43(41) ක් රැස් කළ අතර, රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 22 ක් ලබා ගත්තා. කොදෙව් ලකුණු පුවරුවට වයිඩ් ලකුණූ 19 ක් සමග අතිරේක ලකුණු 29 ක් ද ඇතුළත්ව තිබුණා.

පන්දු යැවීම් දී සකිබ් මහ්මූද්, ලියම් ලිවින්ග්ස්ටන් හා ඩෑන් මෝස්ලි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...