වරුන්ගේ කඩුලු පහ අපතේ යයි – ඉන්දියාවට කඩුලු තුනක පරාජයක්

Date:

ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක වරුන් චක්‍රවර්තී දවා ගත් කඩුලු පහ අපතේ යවමින් දෙරට අතර පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු තුනක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (10) රාත්‍රියේ සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 4 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස මේ වන විට කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

Gqeberha හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 6 ක් දැවී ලකුණු 124 ක් රැස් කළා.

පළමු තරගයේ දී ශතකයක් වාර්තා කළ සංජු සැම්සන් ලකුණු නොලබාත්, අභිෂේක් ෂර්මා හා සූර්යකුමාර් යාදව් ලකුණු 4 බැගින් ලබා සිටියදීත් දැවී ගියා.

තිලක් වර්මා ලකුණු 20 ක් ද, අක්සාර් පටෙල් ලකුණු 27 ක් ද ලබා ගත් අතර, හර්ඩික් පාන්ඩ්යා නොදැවී ලකුණු 39 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන්, ජෙරාල්ඩ් කොට්සී, ඇන්ඩීලේ සිමලානේ, ඒඩ්න් මාක්‍රම් හා එන්කාබයොම්සි පීටර් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්ක පසු කළා.(128/7)

ආරම්භක පිතිකරුවන් වූ රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 24 ක් හා රයන් රිකල්ටන් ලකුණු 13 ක් ලබා ගත්තා. ඒඩ්න් මාක්‍රම් ලකුණු 3 යි. මාර්කෝ ජන්සෙන් ලකුණු 7 ක් හා හෙන්රික් ක්ලාසන් ලකුණු දෙකක් ලබා සිටියදී දැවී ගිය අතර, .ඩේවිඩ් මිලර් පළමු පන්දුවෙන්ම දැවී ගියා. ඇන්ඩීලේ සිමලානේ ලකුණු 7යි.

ලකුණු 87 දී 7 වැනි කඩුල්ල දැවී ගිය නමුත්, අංක 4 පිතිකරු ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 47(41) ක් හා ජෙරාල්ඩ් කොට්සී නොදැවී ලකුණු 19(9) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී වරුන් චක්‍රවර්තී කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 17 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...