ඔස්ට්‍රේලියාවේ දී වසර 22 කට පසු පාකිස්තානයට එක්දින තරගාවලි ජයක්

Date:

වසර 22 කට පසුව ඔස්ට්‍රේලියාවේ දී එක්දින තරගාවලියක් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(10) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගනිමින්.

තෙවැනි හා අවසන් එක්දින තරගය අද(10) පර්ත්හීදී පැවැති අතර, තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 31.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 140 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 26.5 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 143 ක් ලබා තරගය ජය ගත්තා. ඒ අනුව පාකිස්තානයට අවසන් තරගයෙන් කඩුලු අටක ජයක් හිමි වුණා.

අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 37 ක් හා සයිම් අයුබ් ලකුණු 42 ක් රැස් කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 84 ක්.

බාබර් අසාම් නොදැවී ලකුණු 28 ක් හා මොහමඩ් රිස්වාන් නොදැවී ලකුණු 30 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ඓතිහාසික ජයක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ලාන්ස් මොරිස් ලකුණු 24 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ශෝන් ඇබොට් ලකුණු 30 ක් හා මැතිව් ශෝර්ට් ලකුණු 22 ක් රැස් කළා. Cooper Connolly ලකුණු 7ක් ලබා සිටියදී පන්දුවක් අතේ වැදීමෙන් සිදු වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

පන්දු යැවීමේ දී ශහීන් ශහ් අෆ්රිඩි හා නසීම් ශාහ් කඩුලු 3 බැගින් බිද හෙලුවා. හැරිස් රවුෆ් කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...