සෝල්ට්ගේ නොදැවුණු ශතකය හා සකිබ්ගේ කඩුලු 4 හමුවේ එංගලන්තයට සුපිරි ජයක්

Date:

පිල් සෝල්ට් වාර්තා කළ සිය තෙවැනි විස්සයි 20 ජාත්‍යන්තර ශතකය හා සකිබ් මහ්මූද්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ විශිෂ්ඨ හඹා යාමකින් පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

බාර්බඩෝස්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 9ක් දැවී ලකුණු 182 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිම නිමා වීමට පන්දු 19 ක් ඉතිරිව තිබියදීයි. [183/2 (16.5)]

පිල් සෝල්ට් පන්දු 54 කින් නොදැවී ලකුණු 103 ක් රැස් කළේ හයේ පහර හයක් හා හතරේ පහර 9 ක් සමගින්. ජෙකොබ් බෙතෙල් නොදැවී ලකුණු 58(36) යි. විල් ජැක්ස් ලකුණු 17 කටත්, නායක ජොස් බට්ලර් පළමු පන්දුවෙනුත් දැවී ගියා.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් වෙනුවෙන් නිකලස් පූරාන් ලකුණු 38 ක්, රොමාරියෝ ෂෙපර්ඩ් නොදැවී ලකුණු 35 ක් හා අන්ඩ්‍රි රසල් ලකුණු 30 ක් ලබා ගත්තා. පන්දු 17 කින් වාර්තා වූ රසල්ගේ ඉනිමට හයේ පහර 4 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී සකිබ් මහ්මූද් කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 34 ක් ලබා දෙමින්. අඩිල් රෂිඩ් ලකුණු 32 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට එංගලන්තය පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...