ලකුණු 68 ක ජයකින් බංග්ලාදේශය තරගාවලිය සම කරයි

Date:

ඇෆ්ඝනිස්තානය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 68 ක ජයක් වාර්තා කරමින් තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

සාජාහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 252 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට සියලු දෙනා දැවී පන්දුවාර 43.3 කදී ලබා ගත හැකි වූයේ ලකුණු 184 ක් පමණයි.

රහ්මත් ශාහ් ලකුණු 52 ක් හා Sediqullah Atal ලකුණු 39 ක් රැස් කළා. පන්දු යැවීමේ දී නසුම් අහ්මඩ් ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මෙහිදි හසාන් හා මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් නායක නජ්මුල් හොසේන් ශන්තෝ ලකුණු 76 ක් රැස් කළා. ජේකර් අලී නොදැවී ලකුණු 37 ක් ලබා ගත් අතර, සෞම්‍ය සාකාර් ලකුණු 35 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Nangeyalia Kharote කඩුලු 3 ක් දවා ගත්තා. AM Ghazanfar හා රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...