ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ – McSweeney හට ප්‍රබල වගකීමක්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

ටෙස්ට් සංචිතය සදහා Nathan McSweeney සහ Josh Inglis පළමු වරට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

McSweeney පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට ද නියමිත අතර, ඔහු එම තරගයේ දී උස්මාන් කවාජා සමගින් ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කිරීමට නියමිතයි.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්. කමින්ස්ට අමතරව ජොෂ් හේසල්වුඩ් හා මිචෙල් ස්ටක් ද සුපුරුදු පරිදි ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනා ලෙස සංචිතයේ රැදී සිටි සිටින අතර, ස්කොට් බෝලන්ඩ් අතිරේක ප්‍රධාන වේග පන්දු යවන්නෙකු ලෙස සංචිතයට ඇතුළත්.

එකම විශේෂඥ දග පන්දු යවන්නා ලෙස සංචිතයට ඇතුළත්ව ඇත්තේ නේදන් ලයන් පමණයි. මර්නස් ලබුෂේන් හා ට්‍රැවිස් හෙඩ් අවශ්‍ය වුවහොත් අතිරේක දග පන්දු යවන්නන් ලෙස යොදා ගැනීමට හැකියාව පවතිනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 22 වැනිදා පර්ත්හීදී ආරම්භ වීමට නියමිතයි.

Squad:

Pat Cummins (C), Travis Head, Usman Khawaja, Nathan McSweeney, Steve Smith, Marnus Labuschagne, Mitch Marsh, Alex Carey, Josh Inglis, Mitchell Starc, Josh Hazlewood, Nathan Lyon, Scott Boland

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...