පන්දු යවන්නන් හා අසලංක ලංකාවට ජය ගෙනෙයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්සයි  20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් තරග දෙකකින් යුත් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(9) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 135 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගිය අතර, පැතුම් නිස්සංක ලකුණු 19 යි. කුසල් පෙරේරා හා කමිදු මෙන්ඩිස් ලකුණු 23 බැගින් ලබා ගත්තා. භානුක රාජපක්ෂ ලකුණු 4 යි.

ලකුණු 87 දී 5 වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව 6 වැනි කඩුල්ලට ලකුණු 38 (35) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් නායක චරිත් අසලංක හා හිටපු නායක වනිදු හසරංග ශ්‍රී ලංකාව ජයග්‍රහනය ආසන්නයටම රැගෙන ගියා. වනිදු ලකුණු 22 ක් රැස් කළා.

අසලංක පන්දු 28 කින් නොදැවී ලකුණු 35 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහනය තහවුරු කර දුන්නා. දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 11 යි.

පන්දු යැවීමේ දී Zakary Foulkes ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ ලකුණු 27 බැගින් ලබා ගත් මයිකල් බ්‍රේස්වෙල් හා Zakary Foulkes (නොදැවී). විල් යන්ග් ලකුණු 19 කටත්, නායක මි‍චෙල් සැන්ට්නර් ලකුණු 16 කටත් දැවී ගියා.

8 වැනි කඩුල්ල ලකුණු 96 දී බිද වැටුණු පසුබිමක 9 වැනි කඩුල්ල වෙනුවෙන් Foulkes හා ඉෂ් සෝදි ලකුණු 39 (23)ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් නවසීලන්තය ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත් අතර, නුවන් තුෂාර, වනිදු හසරංග හා මතීෂ පතිරණ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, මෙම තරගය අතරතුර දී කුසල් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි 20 ජාත්‍යන්තර ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරු ලෙස ද ඉතිහාසගත වුණා. ඔහු මේ වන විට ලකුණු 1,904 ක් රැස් කර ඇති අතර, මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි 20 ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාවක් ලබා ගෙන තිබුණේ ලකුණු 1,889 ක් ලබා ගෙන තිබූ තිලකරත්න ඩිල්ෂාන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...