ශකිබ්ගේ සියලු බැංකු ගිණුම් අත්හිටුවයි

Date:

බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය (BFIU) විසින් බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ගේ සියලු බැංකු ගිණුම් අත්හිටුවා තිබෙනවා.

ඒ, ඔහුට එරෙහිව එල්ල වී ඇති මූල්‍ය චෝදනා හේතුවෙන්.

මීට පෙර BFIU බලධාරීන් විසින් ඔහුගේ පෞද්ගලික හා ව්‍යාපාරික බැංකු ගිණුම් තොරතුරු මෙන්ම ඔහුගේ බිරිඳගේ බැංකු ගිණුම් තොරතුරු ලබා දෙන ලෙස දැනුම් දී තිබුණා.

ශකිබ් අල් හසාන් මේ වන විට සිය පවුලේ සාමාජිකයින් සමග පදිංචි වී සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේයි.

ඔහුගේ අනාගත ක්‍රිකට් දිවිය ද මේ වන විට දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඔහු මේ වන විටත් ජාත්‍යන්තර විස්සයි 20 හා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගෙන අවසන්.

බංගලාදේශයෙන් බිහි වූ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලිකිය හැකි ශකිබ් මීට පෙර බිඳ වැටුණු එරට අවාමි ලීග් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා.

බංග්ලාදේශ ජනතාවගෙන් ඔහුට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින අතර, ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටළු හේතුවෙන් ෂකිබ් යළි බංගලාදේශයට පැමිණීම ද තවදුරටත් කල් යනු ඇති.

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන්  චෝදනා එල්ල වූවන් අතරට  ශකිබ්ගේ නම ද ඇතුළත්ව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...