ලකුණු 23 ක් තුළ කඩුලු 8ක් දැවී ගිය බංග්ලාදේශය පළමු එක්දින තරගය පරදියි

Date:

ලකුණු 23 ක් තුළ කඩුලු අටක් දැවී යාම හේතුවෙන් ඇෆ්ඝනිස්තානය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 92 ක පරාජයක් අත්කර ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට අද(6) සිදු වුණා.

සාජාහී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය පන්දුවාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 235 ක් ලබා ගත්තා.

මොහමඩ් නබී ලකුණු 84(79) ක් හා හෂ්මතුල්ලාහ් ශහීඩි ලකුණු 52(92) ක් රැස් කළා. පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් හා මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුලු 4 බැගින් බිද හෙලුවා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 236 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට පන්දුවාර 34.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.

නජ්මුල් හොසේන් ශන්තෝ ලකුණු 47 කට හා සෞම්‍ය සාකාර් ලකුණු 33 කට දැවී ගියා. මෙහිදි හසාන් ලකුණු 28 යි.

පන්දු යැවීමේ දී AM Ghazanfar පන්දුවාර 6.3 ක් තුළ ලකුණු 26 කට කඩුලු හයක් දවා ගනිමින් බංග්ලාදේශයට දරුණු පරාජයක් උරුම කර දුන්නා.

බංග්ලාදේශය එක් අවස්ථාවක කඩුලු 2 ක් දැවී ලකුණු 120 ක් ලබා ස්ථාවර මට්ටමක රැදී සිටි නමුත්, ඔවුන්ගේ අවසන් කඩුලු 8 ලකුණු 23 ක් තුළ දැවී යාම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...