නවතම ICC ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ – චරිත් මුල් 10 දෙනා අතරට

Date:

නවතම අයි.සී.සී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(6) නිවේදනය කළා. ඒ අනුව නිමා වූ ඉන්දු – නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් රැසක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඉන්දියාවේ රිෂාබ් පාන්ට් ටෙස්ට් පිතිකරුවන් අතර 6 වැනි ස්ථානය දක්වා ස්ථාන පහකින් ද, නවසීලන්තයේ ඩැරල් මිචෙල් 7 වැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ද ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

යශස්වි ජයිස්වාල් 4 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබසිද්දී එංගලන්තයේ හැරී බෘෘක් තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් 9 වැනි ස්ථානයේ සිට 11 වැනි ස්ථානය දක්වා පසුබැස ඇති අතර, දිමුත් කරුණාරත්න 14 වැනි ස්ථානය දක්වා ද, ධනංජය ද සිල්වා 15 වැනි ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන දෙක බැගින්. දිනේෂ් චන්දිමාල් 18 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ එක් ස්ථානයකින්. ඇන්ජෙලෝ මැතිව්ස් 23 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

විරාත් කෝලි 22 වැනි ස්ථානය දක්වා ස්ථාන 8 කින් පසුබැස තිබීම විශේෂත්වයක්. 2014 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව පළමු වරටයි ඔහුට එලෙස ටෙස්ට් පිතිකරුවන් අතර පළමු ස්ථාන 20 තුළ රැදී සිටීමට නොහැකි වී ඇත්තේ. නවසීලන්තයේ රචින් රවීන්ද්‍ර සම 20 වැනි ස්ථානය දක්වා ස්ථාන 10 කින් පසුබැස තිබෙනවා.

මේ අතර, ටෙස්ට් පන්දු යවන්නන් අතර 4 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට පැට් කමින්ස් සමත්ව ඇත්තේ ආර් අශ්වින් පස්වැනි ස්ථානය දක්වා ස්ථානයකින් පසු බැස තිබීම හේතුවෙන්.

රවීන්ද්‍ර ජඩේජා 6 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා. ප්‍රභාත් ජයසූරිය හා නේදන් ලයන් සම 7 වැනි ස්ථානය දක්වා එක් පියවර බැගින් පසුබැස ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ. අසිත ප්‍රනාන්දු තවදුරටත් 13 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි සම 10 වැනි ස්ථානය දක්වා චරිත් අසලංක ඉදිරියට පැමිණ ඇත්තේ පියවර දෙකකින්. කොදෙව් දූපත්හි ෂේයි හෝප් 12 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. පැතුම් නිස්සංක 7 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පාකිස්තානයේ ශහීන් ශාහ් අෆ්රිඩි සම සිව්වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ජොෂ් හේසල්වුඩ් 7 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන දෙකකින්.

ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ 12 වැනි ස්ථානයේම පසුවන අතර, වනිදු හසරංග 17 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...