Lanka T10 Super League තරගාවලිය මහනුවරට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන Lanka T10 Super League තරගාවලිය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියේ සියලු තරග පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

තරගාවලිය සදහා කණ්ඩායම් හයක් ක්‍රීඩා කරනවා. එනම් Colombo Strikers, Galle Marvels, Hambantota Bangla Tigers, Jaffna Titans, Kandy Bolts හා Negombo Braves යන කණ්ඩායම්.

තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වැනිදා කොළඹ දී සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

සෑම කණ්ඩායමකටම සිය සංචිතය සදහා උපරිම වශයෙන් ක්‍රීඩකයින් 17 දෙනෙකු හා අවම වශයෙන් ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරා ගත හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...