ව්රිධිමන් සහා ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

Date:

ඉන්දීය කඩුලු රකින පිතිකරුවෙකු වන ව්රිධිමන් සහා ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට ක්‍රියාත්මක රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඔහු ක්‍රිකට් පිටියට සමු දීමටයි තීරණය කර ඇත්තේ. රංජි කුසලාන තරගාවලියේ දී ඔහු නියෝජනය කරන්නේ බෙංගාල කණ්ඩායමයි.

40 හැවිරිදි ඔහු සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින් 17 වසර වෘත්තීය ක්‍රිකට් දිවියට සමු දීමේ සිය තීරණය නිවේදනය කළා.

ව්රිධිමන් සහා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 40 ක් හා එක්දින ජාත්‍යන්තර තරග 9 ක් ක්‍රීඩා කර ඇති අතර, පළමු පෙල තරග 138 ක්, List A එක්දින තරග 116 ක් හා විස්සයි 20 තරග 255 ක් ද ඔහු ක්‍රීඩා කර තිබෙනවා.

2008 වසරේ සිට මේ දක්වා පැවැති සියලුම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි සදහා ද ක්‍රීඩා කර ඇති ඔහු අවසන් වරට නියෝජනය කළේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...