පාකිස්තානයේ ප්‍රබල සටන පසෙකලා කමින්ස්ගේ නොදැවුණු ඉනිම ඔස්ට්‍රේලියාවට තියුණු ජයක් ගෙනෙයි

Date:

පාකිස්තාන පන්දු යවන්නන්ගේ සටන අපතේ යවමින් ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ගේ නොදැවුණු ලකුණු 32(31) හමුවේ දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(4) සමත් වුණා.

මෙල්බර්න්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 204 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 33.3 ක් අවසානයේ කඩුලු අටක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ආරම්භක පිතිකරුවන් වූ මැතිව් ශෝර්ට් එක් ලකුණකටත්, ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක් ලකුණු 16 කටත් දැවී යාමෙන් පසුව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 85 (75) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ස්ටීව් ස්මිත් හා ජොෂ් ඉන්ග්ලිස් සමත් වුණේ තරගයේ පාලනය ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

ස්මිත් ලකුණු 44 කට දැවී ගිය අතර, ලකුණු 139 දී ඔස්ට්‍රේලියානු ඉනිමේ සිව්වැනි, පස්වැනි හා හය වැනි කඩුලු පන්දු 5 ක් තුළ දැවී ගියේ පාකිස්තානය යළි සටනට අවතීර්ණ කරමින්. එහිදී ඉන්ග්ලිස් ලකුණු 49 කටත්, මර්නස් ලබුෂේන් ලකුණු 16 කටත් දැවී ගිය අතර, ග්ලේන් මැක්ස්වෙල් ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියා. ලබුෂේන්ගේ හා මැක්ස්වෙල්ගේ කඩුලු දෙක පිට පිට පන්දු දෙකකදී දවා ගනිමින් පාකිස්තානයට යළි ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තුවක් ගෙන දුන්නේ හැරිස් රවුෆ් විසිනුයි.

ආරෝන් හාර්ඩි ලකුණු 10 කටත්, ශෝන් ඇබොට් ලකුණු 13 කටත් දැවී ගිය නමුත්, නායකත්වයේ වගකීම උපරිමයෙන්ම ඉටු කළ පැට් කමින්ස් නොදැවී සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් ලකුණු 67 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 43 කට කඩුලු 2 ක් දවා ගත්තා. නසීම් ශාහ් හා මොහමඩ් හස්නයින් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයේ සියලු දෙනා ලකුණු 203 කට දැවී ගියේ පන්දුවාර 46.4 ක් තුළදීයි. නායක මොහමඩ් රිස්වාන් ලකුණු 44 ක් හා බාබර් අසාම් ලකුණු 37 ක් ලබා ගත්තා. නසීම් ශාහ් ලකුණු 40 ක් ලබා ගනිමින් පාකිස්තානය ලකුණු 200 සීමාව ඉක්මවා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත් අතර, පැට් කමින්ස් හා ඇඩම් සම්පා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...