පාකිස්තානය පරදා 2024 Hong Kong Sixes ශූරතාවය ශ්‍රී ලංකාවට

Date:

2007 වසරෙන් පසුව පළමු වරට හොංකොං සික්සර්ස් ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, 2024 හොංකොං සික්සර්ස් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු 3 ක ජයක් වාර්තා කරමින්.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 5.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 72 ක් පමණයි.

Muhammad Akhlaq පන්දු 20 කින් ලකුණු 48 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ධනංජය ලක්ෂාන් ලකුණු හයකට කඩුලු දෙකක් දවා ගත් අතර, තරිදු රත්නායක ලකුණු 25 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සදුන් වීරක්කොඩි පන්දු 13 කින් ලකුණු 34 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහරක් සමගින්. ධනංජය ලක්ෂාන් ලකුණු දෙකකට(7) දුවද්දී දැවී ගියා.

ලහිරු මදුෂංක ලකුණු 19(5) ක් රැස් කළේ හයේ පහර 3 ක් සමගින්. තරිදු රත්නායක නොදැවී ලකුණු 16(4) ක් හා ලහිරු සමරකෝන් නොදැවී ලකුණක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කළා.

අවසන් තරගයේ වීරයා ලෙස ධනංජය ලක්ෂාන් ද, තරගාවලියේ වීරයා ලෙස තරගාවලිය පුරා කඩුලු අටක් දවා ගත් තරිදු රත්නායක ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...