පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයත් සමග ඉන්දියාවට WTC පෙරමුණ අහිමි වෙයි

Date:

නවසීලන්තය හමුවේ ඓතිහාසික පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබූ ඉන්දීය කණ්ඩායමට මේ වන විට අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය අහිමි වී තිබෙනවා.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙකම පරාජයට පත් වුවද, තෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පසු වුණේ පළමු ස්ථානයේයි.

කෙසේ වෙතත්, තෙවැනි තරගයෙන් ද ලකුණු 25 ක පරාජයක් ලැබීමත් සමග ඉන්දියාවට මේ වන විට දෙවැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදුව තිබෙනවා.

අද ලැබූ ජයත් සමග පස්වැනි ස්ථානයේ සිට සිව්වැනි ස්ථානය දක්වා යළි ඉදිරියට පැමිණීමට නවසීලන්තය සමත් වුණා. ශ්‍රී ලංකාව තවදුරටත් රැදී සිටින්නේ තෙවැනි ස්ථානයේයි.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා මේ වන විට ඉතා තියුණු සටනක් පළමු කණ්ඩායම් පහ අතර නිර්මාණය වී තිබෙනවා.

අවසන් කණ්ඩායම් දෙක තේරීම සදහා ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලිය ප්‍රබල බලපෑමක් සිදු කරනු ඇති. ඉන්දියාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම් එම තරගාවලියේ තරග හතරක්වත් ජය ගැනීමට මේ වන විට සිදුව තිබෙනවා.

අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම් ඔස්ට්‍රේලියාවට ඉතිරි ටෙස්ට් තරග හතෙන් අවම වශයෙන් තරග හතරක් ජය ගැනීමට සිදු වනු ඇති.

ශ්‍රී ලංකාවට ද අවසන් තරගයේ බලාපොරොත්තු රදවා ගැනීමටනම් ඉතිරි ටෙස්ට් තරග හතරෙන් තරග 3ක් ජය ගැනීමට බොහෝ දුරට සිදු වනවා.

ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...