ඉන්දියාවට 3-0 ක ඓතිහාසික පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් – පරාජය ඉතිහාසගත වුණේ මෙහෙමයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ද ලකුණු 25 ක පරාජයක් වාර්තා කරමින් තරග 3-0 ක ඓතිහාසික පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායමට අද(3) සිදු වුණා.

ඉන්දීය කණ්ඩායම ඉන්දියාවේ දී මෙලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබුවේ 2000 වසරෙන් පසුව පළමු වරට වීම විශේෂත්වයක්. එමෙන්ම ටෙස්ට් තරග 3ක් හෝ ඊට වැඩි තරග සංඛ්‍යාවක් සහිත ටෙස්ට් තරගාවලියක් සිය රටේදී පූර්ණ ලෙස ඉන්දියාව පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙයයි.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ තෙවැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 171 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 174 කට සීමා වුණා.

ඒ අනුව අවසන් ටෙස්ට් තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට ලකුණු 147 ජයග්‍රාහී ඉලක්කයක් හිමි වූ නමුත්, ඉන්දියාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121 ක් පමණයි. ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු තුන පන්දු 4 ක් තුළ ලකුණු බින්දුවකට දැවී යාම ද කැපී පෙනුණා.(දර්ශන පහතින්)

ඉන්දීය දෙවැනි ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 29 ක් තුළ බිද වැටුණා. රිෂාබ් පාන්ට් පන්දු 57 කින් ලකුණු 64 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ.

පන්දු යැවීමේ දී පළමු ඉනිමේ දී කඩුලු පහක් දවා ගත් අජාස් පටෙල් දෙවැනි ඉනිමේ දී කඩුලු හයක් බිද හෙලීමට සමත් වුණා. ග්ලේන් පිලිප්ස් දවා ගත් කඩුලු ගණන 3 ක්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 235 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 263 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...