Hong Kong Sixes : බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

Date:

Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(3) සමත් වුණා. ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කරමින්.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද පස්වරු 2:15 ට පැවැත්වීමට නියමිතයි. පළමු අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කරමිනුයි පාකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 6 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 103 ක් ලබා ගත්තා.

Jishan Alam ලකුණු 36(11) ක් හා Mohammad Saifuddin නොදැවී ලකුණු 23(12) ක් රැස් කළා. Abu Hider ලකුණූ 18(6) යි.
පන්දු යැවීමේ දී තරිදු රත්නායක ලකුණු 33 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 5.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

හයේ පහර 4 ක් සමග ධනංජය ලක්ෂාන් ලකුණු 24(6) ක් රැස් කළා. සදුන් වීරක්කොඩි ලකුණු 50 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණේ පන්දු 16 කින්. හයේ පහර 3 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ලහිරු සමරකෝන් ලකුණු 6කට දැවී ගිය අතර, නායක ලහිරු මදුෂංක ලබා ගත්තේ ලකුණු 3(6) ක් පමණයි.

අවසන් පන්දුවාරයේදී තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 14 ක් අවශ්‍ය වුණා. එවන් පසුබිමක නිමේෂ් විමුක්ති පන්දු 4 කින් ලකුණු 12 ක් නොදැවී ලබා ගනිමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට රැගෙන ගියා. තරිදු රත්නායක නොදැවී ලකුණු 3 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...